hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 09, ප.ව. 12:14



නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු දෙසැම්බර් මාසය පුරා එහි ආසන 5 තුලම ක්‍රියාත්මක කර ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලය පවසනවා.

නිමල් ලන්සා සහ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුවන බව සදහන්.

කොට්ඨාස නියෝජිතයින් පත්කිරීම,අනුබද්ධ සංවිධාන පිහිටුවීම,භික්ෂු සංවිධාන පිහිටුවීම,කාන්තා සංවිධාන පිහිටුවීම වැනි කටයුතු එම මාසය පුරා සිදුවන අතර සිරිපාල අමරසිංහ,සුගීශ්වර බණ්ඩාර එම වැඩසටහන මෙහෙයවීමට පිටත්ව ගොස් ඇත.

එය සැලවුණු පුත්තලමේ පොහොට්ටුවේ ඇතැම් පිරිස් මෙම වැඩසටහන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද එම පක්ෂ කාර්යාලය පවසනවා.

මේ අතර ඊට සමගාමිව අද දින දවස පුරා හලාවත ආසනය කේන්ද්‍ර කර ගනිමින් පළාත් සභාවේ ජංගම සේවයක් මාදම්පේ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.

ඒ නිමල් ලන්සා මහතා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් කල ඉල්ලීමකට අනුව.