2023 ජූලි 27, පෙ.ව. 1:10
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලි බවයි.
එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
උතුරු නැගෙනහිර ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද සමගි ජන බලවේගයේ මතයයි.
රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවද අදාළ මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12