hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:40



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය පසුපස සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමාල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

නාමල් රාජපක්ෂ මහතා වසර දෙක හමාරක් තිස්සේ ක්‍රීඩාවට කළ සේවයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.

ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයන්ට ඉදිරියට ගෙන ඒම සඳහා නාමල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද ඒ මහතා කියා සිටියා.

එනිසා නාමල් රාජපක්‍ෂ මහතාට ඇමති ධුරයක් ලබා දීම ඉතාම සුදුසු බවත් ඔහු සඳහන් කළා.