hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2024 මැයි 26, ප.ව. 7:36



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (26) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණ ආගමික වතාවත් වල නිරතව තිබෙනවා.

ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පුරුද්දක් වශයෙන් තමන් අනුරාධපුර පූජා නගරය වෙත පැමිණෙන බවත් ආගමික වතාවත්වලින් තමන් කරන කටයුතු සාර්ථක වන බවයි.

එමෙන්ම මෙහිදි මාධ්‍යවේදීන් විසින් පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරු වෙනත් පක්ෂ වෙත ගොස් ඇති බවත් මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අදහස විමසීමේදි හිටපු ජනපති පැවසුවේ “යනවා එනවා ඒක තමයි පක්ෂවල වැඩේ යනුවෙනි”

කෙසේ නමුත් එය කිසිම අයුරකින් අභියෝගයක් නොවන බවත් ඕනෑම කෙනෙකුට යාමට සහ ඒමට සැලුන් දොර සේ දොර ඇර ඇති බවත් පවසනු ලැබුවා.

මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඉදිරි මැතිවරණ සියල්ල ව්‍යවස්ථානුකූලව සිදුකල යුතු බවයි.