hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, පෙ.ව. 8:01



නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවා.

ඒ මහතා එසේ පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන එක්සත් පෙපෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී පොදු ජන එක්සත් පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බව ද පැවසුවා.

මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට ” සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දීය . මෙම සංවත්සර උළෙල 06/28 දින චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් , එම සාකච්ඡා සාර්ථක බවත්  චීන  රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත්  යහපත් ස්ථාවරයක පසු වන බවත් පැවසුවා.

ආර්.සම්බන්ධන් මහතාගේ මිය යාම දෙමළ ජනතාවටත් පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල පාඩුවක් බව ද පැවසුවා.

මහින්ද රාජපක්ෂ මහතා මෙම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (01) රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: