hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 8:17



ඉදිරියේදී නව පක්ෂයක් බිහි කිරීමට ශ්‍රීලනිපයේ ඇමතිධූර ගත් පිරිස සැලසුම් කර තිබෙනවා.

එය මෙහෙයවීම සඳහා බාර දී ඇත්තේ මහින්ද අමරවීර ඇමැතිවරයාටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ තීරණයට පිටුපාන මන්ත්‍රිවරු නව දෙනකු රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරන ආණ්ඩුවේ ඇමැති ධුර ගත්තේ සති කිහිපයකට පෙරදීය.

එලෙස ඇමති ධූර ගැනීම නිසා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් සිය ඉදිරි දේශපාලන ගමන් මග සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග මෙම ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.