hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2022 දෙසැම්‍බර් 02, ප.ව. 1:03



විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුම් විරහිත මාතෘකා විවාදයට ගැනීම නිසා සභාවේ වටිනා කාලය නිස්කාරණයේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට පැවසුවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත කතානායකවරයා පැවසූ අතර ඔහු කියා සිටියේ,

“ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම. ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය.”