2022 නොවැම්බර් 29, පෙ.ව. 6:58
රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ දෙකිද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේදි වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කලා. එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම්, පල පුරුද්ද, අත්දැකිම් නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දන ලබාදිලා එතුමාව රටේ ජනාධිපති කරා.එතුමා ජනාධිපති කරපු එක හොදයි කියලා දැන් අපිට තේරෙනවා. මොකද නැති වුණ තෙල් ටික තියෙනවා , පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ, ගෑස් ටික ඇවිල්ලා , 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩු වෙලා , භාණ්ඩ මිල අඩුවෙලා රට සමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.
මම කියන්නේ නෑ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසදිලා කියලා. පවුල් ලක්ෂ 39 කට රු 5000 දිමනාව දිලා. සමෘද්ධි වැඩි කරලා. වැඩිහිටි දිමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා. ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පිඩනය පෙන්වන්න. ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ , පෙරටුගාමි පක්ෂය , සමගි ජාතික බලවේගය නැග්ගා. ඒ අය බැලුවා ජන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පිඩනයෙන් එන්න පුළුවන්ද කියලා.
දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා. අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන් යානා දැන් එනවා. එදා එක් දවසකට ගුවන් තොටුපලකට විදේශිකයන් අවේ 200 යි. අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා. වත්මන් රජය තවත් වසර 2 ½ කාලයක් රට පාලනය කරනවා , එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුධය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා. එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා.” යනුවෙන් පැවසුවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39