hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 06, ප.ව. 2:21



සතුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට දිසාපතිවරුන්ට 2012 වර්ෂයේදී යැවූ මුදල් වසර අවසානයේදී ආපසු එවා තිබූ බවත් ඒ කටයුත්තට අතගැසීමට දිසාපතිවරුන් අකමැතිවූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.

රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විසින් විනාශ කරනු ලබන බවද ඔහු සඳහන් කළා.