hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 29, ප.ව. 2:59



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එන්න එන්නම බබළන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

ඒ ඊයේ කැළණිය රජමහා විහාරස්ථානයේ පැවති පරිත්‍රාණ ධර්ම දේශනාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජන්දය පිළිබඳව මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීමේදී හිටපු ජනපතිවරයා ධම්ම පදයෙන් පිළිතුරු ලබා දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් යුත් උත්තර ලංකා සභාව, ඩලස් පිල සහ නිදහස් පක්ෂය ද ඇතුළත් නව සන්ධානය ලබන මස මුල් සතියේ දී එලිදක්වන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එම සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.