hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 පෙබරවාරි 17, ප.ව. 4:54



1990-1991 වසර අතර කාලයේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමක් බලා සිටි තමන්ට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු කම්මුල් පහරක් එල්ල කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කළුතර ප්‍රදේ‍ශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමින්.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“ඔය 89 පාර්ලිමේන්තුවට ගිහිල්ලා 90-91 විතර පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු ගෝරියක් ගියා. දෙගොල්ලෝ ගහගන්නවා. මගේ පුටුව තිබුණේ පිටිපස්සේ, මම අර ඉස්සරහ ම පේළියේ පුටුවක් ගාවට ගිහිල්ලා, දැන් මැද්දේ ගහගන්නවා, මම මෙන්න මෙහෙම අත් දෙක මෙහෙම තියාගෙන දැන් ගහගන්නවා බලාගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආවා මං ගාවට. ඇවිල්ලා, “අඩෝ, මේ… තෝ බලාගෙන ඉන්නවා නේ?,” කියලා දුන්නා මගේ කම්මුල හරහට එකක්. මේ මම මේ අහක හිටපු මිනිහා. මං මේක මේ බලාගෙන ඉන්නවා දැන් කවුද දිනන්නේ කියලා. මෙන්න ඇරලා දාපි මට.”