hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 01, ප.ව. 5:36



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය ජාතික ආර්ථිකයට යම් යම් සාධනීය අංග ගෙන එන නමුත් තවදුරටත් සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ඇති නිසාවෙන් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමෙන් වැලකී සිටින බවයි.

මෙම යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.