hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 05, ප.ව. 8:07



බොහෝ ලීසිං ආයතන අද වැඩ කරන්නේ මංකොල්ලකරුවන් පිරිසක් විදියට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවා.

බැංකුවලින් ණය ගත් අයගේ දේපළ  වෙන්දේසි කරන්නේනම් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් දිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළා.

“නඩු වැඩිවෙන්නේ ඇයි ඇති වෙන්නේ ඇයි කියන එක හොයන්න ඕන. මත්කුඩු ප්‍රශ්නය නඩු වැඩිවීමට ප්‍රධාන වශයෙන්  හේතු වෙලා තියෙනවා. සිංගප්පූරුවේ නඩුවක් අහන්න වැඩිම වුණොත් යන්නේ මාස තුනයි. නඩු වැඩිවීමට දුගීභාවය ප්‍රධාන හේතුවක්. දුගී භාවයට පත්වුණු අය තමයි වැඩි වශයෙන් උසාවිවල ඉන්නේ. පොහොසතුන් අධිකරණවල ඉන්නෙ අඩුවෙන්. ඉඩම් නඩු පරම්පරා ගාණක් ඇහෙනවා. නඩු දිග්ගැසීම නිසා හිර ගෙවල්වල තදබදය වැඩි වෙනවා. නඩු දිග්ගැස්සෙන එකට නීතිඥවරුන්  නම්  කැමතියි. ලීසිං කරන ආයතන අද හැසිරෙන ආකාරය වැරදියි. ඒක කවදත් එහෙමයි.  දැන් ඒක වැඩියි.එක පැත්තක මංකොල්ලකෑමක් වගෙයි. බැංකු ණය  ගත් ජනතාවගේ  දේපළ  වෙන්දේසි කිරීමට කාලයක් දිය යුතුයි.”