hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 2:57



නව සන්ධානයේ විශේෂ හමුවක් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.

හමුව අවසන් වීමත් පසු අනුර යාපා, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චන්න ජයසුමන ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියා.

මේ අතර වාරයේ පියංකර ජයරත්න,ජයරත්න හේරත් මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලට වී ආගිය තොරතුරු කතාකරන්නට වුණා

අසුගනන්වල මන්ත්‍රීවරුන්ට නවා තැන් ලබාදුන් කොළඹ ශ්‍රවස්ත්රියේ රස කතා මෛත්‍රිපාල සිරිසේන මහතා කිවේ කොක් හඬලා සිනාසෙමින්.

මුලාසනයේ සිටි නියෝජ්‍ය කතානායකවරයාද කීපවිටක් සද්දය එන්නේ කොහෙන්දැයි බැලුවා.

පිරිස අතර සිදුවූ කතාවල බොහෝමයක් තිබුණේ ප්‍රසිද්ධ සමාජයේ කිව නොහැකි කතා විමද විශේෂත්වයකි.