hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 02, ප.ව. 1:54



වෙනත් දේශපාලන පක්‍ෂවලට පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙට මෙහෙට පනින අයට ඡන්දයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) පොළොන්නරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කර තිබෙනවා.

එසේ දේශපාලන පක්‍ෂවලට මාරුවූ දේශපාලනඥයන්ට අතීතයේ සිදුවුන දේ හොඳින්ම දැකගත හැකි බවත්, එම නිසා පැනිලි දේශපාලන ප්‍රතිපත්තියක් සමඟ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළකට ගොස් අද රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් ඔහු සඳහන් කළා.

ශාන් විජේලාල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම හෙතෙම මේ බව සඳහන් කර සිටියා.