hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 මාර්තු 23, ප.ව. 8:49



පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර ලැබුණූ තොරතුරක් අනුව ඊයේ (22) තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වමින් අද (23) එම ප්‍රකාශය සිදු කළා.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක්  දුන්නොත් අධිකරණයේ… මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගැවුණ කාරණයක් නෙමෙයි. මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: