hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 11, ප.ව. 9:42



අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යැවීමට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එම නම් තුන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(11) රාත්‍රී යවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම් ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එය ගැනීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් මහතාගේ නිවසේ පැවැති රැස්වීමකදී එම තිරණය ගෙන ඇතැයි වාර්තා වනවා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් ඇතුළු පිරිසක් එක් ව සිටියා.