hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 18, පෙ.ව. 7:22



“ආරක්ෂක අමාත්‍යාංශයට මේ අයවැයෙනුත් ඉතාම වැඩි මුදලක් වෙන් කරලා තියෙද්දිත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු මේ විදිහට මරලා දාලා තියෙනවා නම් මහ මගදී ගහලා සාමාන්‍ය ජනතාවගේ ඉරණම කෙහොමද” යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා විමසනවා.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.

“අපි දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ට මහත්මයාව පහර දීමකට ලක් කරලා ඔහු මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඔහුව බොරැල්ල කනත්ත ඇතුලට ම ගෙනිහිල්ලත් තියනවා. එතකොට අපි අහනවා කෝ මේ රටේ ආරක්ෂාව. ආරක්ෂක අමාත්‍යාංශයට මේ අයවැයෙනුත් ඉතාම වැඩි මුදලක් වෙන් කරලා තියෙද්දිත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු මේ විදිහට මරලා දාලා තියෙනවා නම් මහ මගදී ගහලා ,සාමාන්‍ය ජනතාවගේ ඉරණම කෙබඳුද? එහෙම නම් මොකටද ආරක්ෂාවක් නැත්නම් මෙච්චර මුදලක් ආරක්ෂක අමාත්‍යාංශයට. ? එතකොට ආරක්ෂක ඇමති මොකක්ද මේ කරන්නේ? ජනතාවට ගෙදරින් එළියට එළියට බහින්න බැරුව ගේ ඇතුළට වෙලා හැංගිලා ඉන්න වෙන්නේ. ඒ නිසා අපි ආරක්ෂක ඇමති ට කියනවා කරුණාකරලා සවාරි දදා බොරු කයිය ගගහා ඉන්නෙ නැතුව , ආරක්ෂක අමාත්‍යාංශය ට වැඩි මුදලක් වෙන් කරානම් මේ රටේ ව්‍යාපාරිකයන්ගේ විතරක් නෙවෙයි සාමාන්‍ය මහජනතාවගේ ආරක්ෂාවේ වගකීම ඔහු ගන්න ඕන.

මේ විදියට ව්‍යාපාරිකයන්ට ගහලා ගහලා මරලා දානවා නම් ඔවුන්ට ගෙදරින් එළියට එලියට බහින්න බැරි තත්වයක් උදා වුනා නම් කොහොමද ව්‍යාපාර කරගෙන යන්නේ? එතකොට ව්‍යාපාර කඩන් වැටෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ආර්ථික අර්බුදයේ එක පැතිකඩක් මේක. මොකද අද ජනතාවට ආදායමක් නැති නිසා පොඩි පොඩි ගැන්සි කාරයෝ ගොඩක් බිහි වෙලා ඉන්නවා. ඒකනෙ මේකෙන් පේන්නෙ. එතකොට ණය ගත්ත මිනිහෙකුට ණය ගෙවා ගන්න බැරි උනහම ඒකට විකල්ප ක්‍රියාමාර්ග කල්පනා කරනවා. ඒකයි මට පේන තත්ත්වය.

ඒ නිසා ආරක්ෂක ඇමති වරයාට අපි කියන්න කැමතියි ජනාධිපතිවරයා හැටියට රටේ ආර්ථිකය ගොඩ දාන්නෙත් නැහැ, ආරක්ෂාව සලසන්නේ ත් නැහැ, ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කරන්නෙත් නැහැ,මානව හිමිකම් තහවුරු කරන්නෙත් නැහැ, අදහස් ප්‍රකාශ කිරීමේ රැස්වීමේ අයිතිය තහවුරු කරන්නේ නැහැ. මොකක්ද මේ මනුස්සයා කරන මේ නාඩගම.ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඔබ භාරගත යුතුයි. ආරක්ෂක ඇමතිවරයා භාරගත යුතුයි පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් හරහා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ඇතිවෙලා තියෙන තර්ජනය.මේක සෙල්ලමට ගන්න එපා. මේකෙ තියෙන අනතුරුදායක තත්ත්වය අවබෝධ කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා”