hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 06, පෙ.ව. 11:49



රටේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවේ අවධානය යොමුකළ අතර ඒ සමග මැතිසබයේ යම් උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේ සිදුව ඇති ආපදා හානි තත්ත්වයන් පිළිබඳ මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තක්සේරු කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ඊයේ දිනයේදී ද මැති සබයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

ඔහු අද විශේෂයෙන් අවධාරණය කර සිටියේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස ලබාදිය හැකි ප්‍රතිපාදන සම්බන්ධයෙන්.

“රට බංකොලොත් කරන්න බැහැ.. රජයකට කරන්න පුලුවන් සීමාවක් තියනවා.. ඒක තේරුම් ගන්න ඕන.. අපි පාලම් හදන්න ඕන..බෝක්කු හදන්න ඕන… අපේ ආර්ථික තත්ත්වය ගැන අවබෝධයක් ගන්න ඕන… ඒ නිසා රට බංකොලොත් වෙන්න දෙන්න බැහැ.. ආපදා තත්ත්වය තක්සේරු කරලා රජය හැටියට අපි දෙන්න පුලුවන් සහන ලබාදෙනවා..”

එහිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ කතාවට බාධා කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ‘වන්දි ලබාදෙන්නේ නැද්ද’ යනුවෙන් එහිදී ප්‍රශ්න කළා.

ඊට කුපිත වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්..,

“මොකක්ද ඉල්ලන වන්දිය… වන්දි දෙනවා.. මන්ත්‍රීතුමා තර්ජනය කරලා අහන්න එපා.. නිකන් මේ චණ්ඩි පාට් දාන් එන්නෙපා.. කතා නායකතුමා රජයට දෙන්න පුලුවන් වන්දිය දෙනවා.. මේක රටේ තත්ත්වය තක්සේරුව බළලා ගත්තු ප්‍රතිපත්මය තීන්දුවක්.. ඒ නිසා චණ්ඩි පාට් දාගෙන එන්න එපා.. චණ්ඩින්ට බය නැහැ.. මේ ගන්න තීන්දුවලට සහ රටේ ආර්ථිකයට වගකියන්න ඕන අපි.. චණ්ඩි පාට් දැම්මම ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න අපි ලෑස්ති නැහැ.. අපි රජයක් විදියට මේක හරියට කරන්න ඕන… ඒවා රජය කරනවා..”