2023 ජූලි 10, පෙ.ව. 10:00
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා (08) කැලණිය ටයර් සංස්ථා හන්දියේ පැවැති ජන හමුවකට එක්වෙමින් තමන්ට සහයෝගය දැක්වූ පිරිස එකින් එක හඳුන්වා දීමට කටයුතු කළා.
රැස්ව සිටි ජනතාව ඇමතූ මර්වින් සිල්වා මෙසේද පැවැසුවා.
“මේ හමුදාවේ මං ඉන්නේ යාපනේ වෙඩි පත්තු කරපු එකා. පතිරණ. මේ අය කිව්වා මෛත් රීපාලට ගිහිල්ලා මේ මේක වුණේ නැත්නම් මම වෙඩි තියනවා කියලා. එහෙම නේද කිව්වේ? මේ අපේ හොඳ නළුවෙක්. අර අලුත හම්බුනේ ඊයේ තාත්තගේ අවසන් කටයුතු කළේ. එරන්ද මෙයා. මේ අපේ මම සිල්වා. මේ යකා සොයිසා. නේ වීරේ. සිල්වයි සොයිසයි තමයි ඇළවල් කැපුවා. ඇළවල් හෑරුවා. එහෙම කරා. මේ සොයිසා. මෙයා තමයි මේ සමන්ගේ නෑදෑයා. සමන්ගේ කවුද? නැන්දා නේද? ඈ නැන්දගේ පුතාද? නැන්දගේ පුතා, සමන් විදානපතිරණ අපේ බෙලිඅත්තේ නෑකම් තියෙන කෙනෙක්. සමන්ගේ තාත්තා තමයි මේ කිරිබත්ගොඩ ටවුන් එකේ චණ්ඩියාගේ මෙහෙම සරමෙන් අල්ලලා උඩට ඉස්සුවා. ඒ වගේ පවුලක්. චන්ද් රරත්න එන්න. මෙයා ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. මොකක්ද ස්කූල් එක වගේ. ඒ එක භාරව ඉන්නේ මෙතුමා. කෝ අනිත් දෙන්න? මේ ගාමිණී කියන්නේ. මට හොඳටම මතකයි හොස්පිටල් එකේනේ වැඩ කරන්නේ. හැබැයි ගාමිණීගේ පිලට තාමත් එහෙම අල්ලසක් එහෙම අරගෙන අහුවෙලා නැහැ. අපිව තහනම් කරලානේ තිබුණේ. මට වැරදුණා. තුෂාර. මේ තුෂාර. මේ තුෂාර නෙමෙයි හොඳේ. විජය මල්ලි. මේ තුෂාර. දැන් අපේ මේ කොම්පැනියේ කට්ටිය මේ.”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18