hit counter

2025 සැප්‍තැම්‍බර් මස 08 වන සඳුදා

2023 ජූලි 10, පෙ.ව. 10:10



කපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරගෙන ඇති බවත් ජනාධිපතිවරයාට රට ගොඩ ගැනීම සදහා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කළා.

කැළණිය ටයටර් හංදියේදී අපේ කම- අපේ රට – ඔබේ වගකීම මැයෙන් ජනතා හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළා.

“සියලුම පක්ෂවල ඉන්නේ වරෙන්තුකාරයෝ. හොරකම දූෂණයවංචාව ඉහවහා ගිහින්. එතැන අපේ කම නෑ. රට කරවන සමහර අයගේ අපේ කම නෑ. ඒ අය ළග තියෙන්නේ මගේ කම සහ පවුලේ කම විතරයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු ගමන් ඔහුගේ පවුලට සල්ලි හම්බකරන්න, හොරකම් කරන්න,  පගා ගහන්න මාර්ග විවෘත කළා. ඒකටම හරියන කෙනෙක් ඒ පවුලේ හිටියා. බැසිල් රාජපක්ෂ කියන පට්ට පල් හොරා. දාපං නඩු. මම එනවා උසාවි. අපි එකට බෙලිඅත්තේ හිටියේ. අපේ ගෙල්වල හිටියේ. ගෝඨාභය රාපක්ෂට ගැටමාන්නේදී ගහද්දී හුරේ රන්. දිව්වා. ගහපු අයට ගැහුවේ අපි. බියගුල්ලෝ. බය නැතිව, නිර්භීතකමක් තිබුණානම් ජනාධිපතිකම දාලා පැනලා යන්නේ නෑ නේ. දිට්ඨධම්මවේදනීය කර්මය වෙන්නේ ගෝඨාභයට අද යන්න තැනක් නෑ.

මේ හැමෝම මහජන දේපල සූරාකෑවා. මේ අය තමයි ඊළග ආත්මේ කපුටෝ බල්ලෝ බලල්ලුවෙලා උපදින්නේ. දැන් මෛත්‍රීපාල යාපනයට ගිහින් ප්‍රභාකරන් මැරුණාද අහනවා. මට මතක නෑලු. දන්නේ නෑලු. මෛත්‍රීපාලගේ තාත්තා ගෙදර නැති වෙලාවේ ගෙදරට යාපනේ සුරුට්ටු විකුණන කෙනෙක් ගෙදරට ආවද දන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් මිත්‍රයින්ට කියන්නේ වද පීදුන ගස්වල ගෙඩි පීදෙන්නේ නෑ කියලා. ඔතැනින් අයින් වෙලා එන්න. හැම පක්ෂයකම වැදගත්, වැඩකරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. ජනාධිපතිතුමාට බැසිල් කියන කපුටා වැඩ ටික හරියට කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. උගුල් අදිනවා. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, දැන් බලන් හිටියා ඇති. එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා හැටියට මෙනන්න උඹලගේ ජනාධිපිතකම කියලා එන්න. එදාට මම එතුමා එක්ක ඉන්නේ.

එදා මේ රට වැටිලා අන්ත අසරණ වුන වෙලාවේ කිසිම කෙනෙක් රට බේරාගන්න ඉදිරිපත් වුනේ නෑ. පරිණත දේශපාලඥයෙක් වුන ජනාධිපතිතුමා විතරයි ඒ වෙලාවේ ඉදිරිපත් වුනේ. ජනාධිපතිකම ගන්න එන්න කිව්වම සජිත් හැංගුනා.  මට තියෙනවා රට හදන දැක්ම. අපිට පුලුවන් දේශීය ලාභ ලබන ආයතන තුට්ටු දෙකට විකුණන්නේ නැතිව මේ රට ගොඩ ගන්න. ඒකට පොදු මහජනතාව දක්වා සියලුදෙනාම කැපවීමෙන් වැඩ කරන්න ඕන. මේ රටේ තිබෙන නිවාඩු අහෝසි කර වැඩ බිමක් බවට පත් කරන්න ඕන. මැති ඇමැතිවරුන් සියලු දෙනා කමතේ වැඩ කළ යුතුයි. රටේ තිනෙ ලාබ ලබන දේශීය ආයතනවල වගකීම දේශීය ධනවත් ව්‍යාපාරිකයින් එක මේසයකට කැදවා විවෘත ටෙන්ටර් ක්‍රමවේදයක් මගින් ඔවුන්ට පවරා දියුණු කිරීමට ලබාදිය යුතුයි. නැතිනම් ප්‍රභාකරනේගේ ඥාතීන් නොවන, ඩයස්පෝරාවේ ඥාතීන් නොවන අයට භාරද්නේන ඕන. වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරුන්ට විශාල බරපැන දැරීම න්ර කළ යුතුයි. විධායක ජනාධිපතික්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය නැවත ඇති කළ යුතුයි. මෙතෙක් පත්වූ කිසිම ජනාධිපතිකෙනෙක් මේ ගැන කතා කළේ නෑ.”