hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 අප්‍රේල් 15, පෙ.ව. 8:43



පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20වන දා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීමද මෙයයි.

ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනවා.

එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මෙම පනත පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය හමුවේ එය ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නෑ.

පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙසද ඇතැම් පාර්ශව ඉල්ලා තිබුණා.