hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 15, ප.ව. 5:14



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ඉදිරි අයවැය පරාජයට පත් කිරීමට කටයුතු කලහොත් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම එය ජයග්‍රහණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වනවා.

ඒ ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මෙම කණ්ඩායමේ විශේෂ හමුවක් අද රාත්‍රියේ කොළඹ තරුපහේ හෝටලයකදී පැවැත් වීමට නියමිතයි.

මෙහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව ගැනීමට නියමිත පියවරයන් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරිමට නියමිත බවද දැන ගන්නට ඇති.

මේ සදහා ආණ්ඩුවේ ප්‍රබලයකුද සහාබාගී වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.