hit counter

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා

2024 අගෝස්‍තු 08, ප.ව. 5:41



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීම් දිස්ත්‍රික් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලයේදී පසුගිය දින කිහිපය පුරා පැවැත්වුණා.

මේ අවස්ථාවට අගමැති දිනේශ් ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග,මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන,නිමල් ලාන්සා ඇතුළු ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මෙහි විශේෂත්වයක් වන්නේ එම හෝටලයේ වෙනම රහසිගත කාමරයක ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයියෙකු පැමිණි දේශපාලන ඩීල් කිහිපයක් දැමු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කලා.

මේ සදහා රත්නපුර, කෑගල්ල සහ කලුතර නියෝජනය කරමින් සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සහභාගී වී තිබෙනවා.

ඔවුන් පවා එම රහසිගත කාමරයට ගොස් ඇත්තේ සිය ආරක්ෂක නිලධාරින් හෝටලයේ රථ ගාලේ නතර කරමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම දේශපාලන ඩීල් දමා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කලා.