hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 23, ප.ව. 1:27



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ තමන්ට ඇමති ධූර නොලැබීම හේතුවෙන් ඇතිවූ කළකිරීම හේතුවෙන්.

මේ පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසූවේ තමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙනෙකුට ලොකු අසාධාරණයක් වී ඇති බවයි.

නමුත් නමුත් ඒවා හිරකරගෙන සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු නිසා බවද හෙතෙම පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට හැටනම ලක්ෂයක ඡන්ද ලබා දුන්නේත් ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නෙත් දිස්ත්‍රික් නායකයන් වශයෙන් තමන් ඇතුළු ජේෂ්ඨයින් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

එසේ වුවද මෙම සියලු අසාධාරණකම් දරා සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් බව වැඩි දුරටත් කියා සිටියා.