hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 23, පෙ.ව. 11:52



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමති ධූර බලාපොරොත්තුවෙන් සිටි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සිය බලාපොරොත්තු අතහැර දමා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉතා අවිනිශ්චිත තත්වයක තිබීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් සිය බලාපොරොත්තු අතහැර දැමීමට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඇමැතිධූර හිමිවිය යුතු පොහොට්ටු මන්ත්‍රීවරු 10 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට ලබා දී තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙලෙස යවා තිබූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව 06 දෙනෙකුට සීමා කිරීමට කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ඇමති ධූර අහිමි වන බවක් වාර්තා වනවා.

මේ හේතුවෙන් තමන්ට ඇමති ධූර ලබා දුන්නොත් බාර ගන්නා බවත් එසේ නොවුණහොත් යම් තීරණයක් ගැනීමට සූදානම් බවත් එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: