hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, පෙ.ව. 9:12



නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (22) උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට නියමිතයි.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ කටයුතු කරනවා.

ඉන් අනතුරුව දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව හිටපු ඇමැති මණ්ඩලයම නැවතත් දිවුරුම්දීමට නියමිතයි.

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා.