hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 අප්‍රේල් 29, ප.ව. 3:18



පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට එක්ව ඉදිරි ජනාධිපතිවරණය සදහා මුහුණ දීමට තීරණය කලහොත් දැනට වික්‍රමසිංහ මහතාට සහාය දෙන රාජපක්ෂ විරෝධී මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.

ඒ අතරට පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 60 කට ආසන්න පිරිසක් සිටින බවද වාර්තා වෙනවා.

පසුගිය සිකුරාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක රැස්ව මෙම මන්ත්‍රී පිරිස ඉහත කාරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද දැන ගන්නට ඇත.

මේ බව මැයි පලමුවැනිදායින් පසුව ජනාධිපතිවරයා හමුවී දැනුම් දීමටද මෙම පිරිස තීරණය කර තිබෙනවා.