hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මාර්තු 19, පෙ.ව. 8:49



විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 260 දෙනකුට දැනට පාර්ලිමේන්තුව මගින් මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක් (1,69,00000ක්) පමණ වන බවයි වාර්තා වන්නේ.

එසේම මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 176 දෙනකු වෙනුවෙන්ද විශ්‍රාම වැටුප් ගෙවීමක් සිදු කරන බව වාර්තා වනවා.

ඒ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් අනූහය ලක්ෂයක්. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරූ මියගිය මන්ත්‍රීන් හෝ මන්ත්‍රිනියන්ගේ වයස අවුරුදු 18ට අඩු හෝ ආබාධිත තත්ත්වයේ සිටින දරුවන් 6 දෙනකුටද මාසිකව දීමනාවක් ගෙවන බව වාර්තා වනවා.

මේ සියලු ගෙවීම් කරන්නේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අනුවය. මේ අනුව මාසිකව ප්‍රතිලාභ ලබන සම්පූර්ණ පිරිස 448 දෙනෙක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: