hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූනි 29, පෙ.ව. 11:27



ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට යාපනයේ සංචාරයක නිරත වනවා.

අද(29) උදෑසන හිටපු ජනාධිපතිවරයා යාපනය ශ්‍රී නාග විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බව අප වාර්තාකරු පැවසුවා.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් කටයුතු කර තිබූ බවත් ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් පානිය ජල ගැටලුව පිලිබදවත්, යාපනය දිස්ත්‍රික්කයේ පාසල් වල ගුරු හිගය පිලිබඳවත් පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

මේ අතර යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී හිටපු ජනාධිපතිවරයා යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමන්ද හමුවී තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යාපනය නල්ලූර් කෝවිලටද ගොස් ආගමික වතාවත්හි නිරත වී තිබෙනවා.

එහිදී ආගමික වතාවත්වලින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා නල්ලූරු කෝවිලට පැමිණ සිටි දේශිය සහ විදේශිය බැතිමතුන් සමග සුහද පිලිසදරකද නිරත වූ බවයි අප වාර්තාකරු පැවසූවේ.

ඉන් අනතුරුව යාපනයේ ආගමික නායකයින් හමුවී සාකච්ඡාවක නිරත වීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ කාර්යාලයේදී එම සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී ආගමික සහජිවනය පිළිබදවත්, යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් කැපකිරීම පිළිබඳව මෙහිදී ආගමික නායකයින් සාකච්ඡා කර තිබෙනවා.

එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.