hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2022 අගෝස්‍තු 29, ප.ව. 4:15



නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම  සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසුවා.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරය නඩත්තු කරන්නට ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා චීන සමාගම තවමත් රඳවාගෙන සිටීමෙන් ඔවුන්ට ගෙවන මුදල දරන්නට සිදුවන්නේත් අහිංසක විදුලි පාරිභෝගිකයන්ට බව ද පවසා සිටියා.

https://youtu.be/FoFEcMuOYJk




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: