hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 15, ප.ව. 3:26



රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

පසුගියදා පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ධුරයෙන් ඉවත් වුණා.

ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටින්නේ රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති පසුබිමක තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බවයි.

මේ වනවිට මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ.එච්.එම් ෆවුසි මහතාට හිමිව තිබෙනවා.

ඒ හේතුවෙන් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව හිටපු මන්ත්‍රීවරයා පවසනවා.