2023 නොවැම්‍බර් 21, ප.ව. 7:54
මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඡන්දය දීමෙන් වැලකී සිටි බව පවසයි.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.
මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකල නොහැකි ඒවා බවත් ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුලත් කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.
අය වැය පරාජය කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට නමුත් ඔවුනට එසේ අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැතැයිද ඔහු පවසයි.
විශේෂයෙන්ම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවත් නාමල් රාජපක්ෂ පැවසුවා.
විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩ පිලිවෙලක් මෙහි නොමැති බවත් මෙම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත් උක්ත කරුණු කාරණා නිසා තමා අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වලකින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36