hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 27, පෙ.ව. 9:57



තමා ඇතුලු පවුලේ සාමාජිකන් අයථා ලෙස වත්කම් උපයා ඇතැයි ඔප්පු කල හොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එමෙන්ම තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් නොවන බව දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල හැකි බවත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට බොරු චෝදනා එල්ල කර බලය ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

“යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා. එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයවතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම්, ඔප්පු කරන්න සාධක තියෙනවානම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවානම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්. උගන්ඩාවට සල්ලි යැව්වා.. අමූලික බොරුවක්. බලය ලබා ගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන සාධක තියෙනවා නම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න.”