2023 මැයි 12, ප.ව. 12:07
අරගලය සිදු කළ සමහර අය පුනුරුත්තාපනය කළ යුතු බව තමන් පැවසු විට බොහෝ දෙනෙක් දොස් කියූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.
ඒ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.
“මං විතරක් නෙමෙයි දැන් වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර නායකයොත් අරගලය වෙනත් පාර්ශවයකින් මෙහෙව්වා කියන එක කියනවා. අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඒ පිළිබඳ පොතකුත් ලියලා තියෙනවා. ඉදිරියට තව තොරතුරු එයි. මම පැහැදිලිව එදත් කිව්වා. මේකේ ඉන්න සමහර දරුවෝ, පුනරුත්ථාපනය කළ යුතුයි කියන කාරණය. එතකොට මට බැන්නා. හැබැයි අද අපි දකිනවා ඒක ඇත්ත වෙලා තියෙනවා. ඉතින් මගේ ගේ ගිනි තිබ්බා. මගේ ළමයා මරන්න ඕනේ කියලා කිව්වා. දෙනියායේ අපේ මන්ත්‍රීවරයෙක්ගේ සති දෙකක අත දරුවෙක් ගේ ඇතුලේ ඉන්නකොට තමයි ගෙදර ගිනි තිබ්බේ. හැබැයි සමහරු දෙගොල්ලක් ගහගත්තම මටත් ළමයි ඉන්නවා කියලා කෑගහනවා. අපි නම් කරන්නේ නෑ. හැබැයි ඉතින් හැමෝම ඉවසන්නෙත් නෑ.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01