hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 02, ප.ව. 5:07



සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.

සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කිසිදු හේතුවක් නොමැති බව සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ කියාසිටියි.

“ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මා සහ ප්‍රේමදාස අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමුවීමට හේතුවක් නැහැ,” යැයි නාමල් රාජපක්ෂ සඳහන් කරයි.