hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 ජූනි 11, පෙ.ව. 12:52



ලබන අඟහරුවාදා දිනයේ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ආණ්ඩුකාර ධූරයක දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (10) බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණය නොව ජනාධිපතිවරණයක් බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවා.