2023 ජූනි 29, පෙ.ව. 2:11
අවුරුදු 20ක් තිස්සේ නුවරඑළියේ ජනතාවට තමන් විශාල සේවයක් සිදු කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
කෙසේ වුව ද නුවරඑළියේ දේශපාලනය කොට දැන් තමන් හෙම්බත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
තවදුරටත් දෙමළ දේශපාලනඥයින් සමග ගැටීමට තමන් සූදානම් නොමැති බව ද හෙතෙම සඳහන් කරනවා.
ජීවන් තොණ්ඩමන් මහතාගේ පියා සමග තමන් ගැටුණ ද ජීවන් තොණ්ඩමන් මහතා තමන්ගේ හොඳ මිතුරෙකු බව ද සඳහන් කළ නවීන් දිසානායක මහතා ඉදිරියේ දී සබරගමුව පළාතෙන් තරඟ වැදීමට සලකා බලන බව ද සඳහන් කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18