hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 මාර්තු 12, පෙ.ව. 9:25



බස්නාහිර පළාත් සභාවේ හිටපු පොදු ජන පෙරමුණු මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා නව සන්ධානයට එකතුවී තිබෙනවා.

ඔහු පසුගියදා එම සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා හමුවී ඉදිරි වැඩ පිළිවෙළ සාකච්චා කල බවද රාජගිරිය පක්ෂ කාර්යාලය පවසනවා.

මේ අතර ඔහු ඊයේ දෙල්ගොඩ පිහිටි සිය නිවසේදී නව සන්ධානයේ බියගම ආසන බල මණ්ඩලය කැදවා ඇති බවද සඳහන්.

එහිදී මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල නිසා ඔහුට සිදුවූ දේශපාලන අසාධාරණ කම් සහ පොහොට්ටුවේ වත්මන් වැඩපිළිවෙල දැඩිව විවේචනය කර තිබෙනවා.

මේ අවස්ථාවට නව සන්ධානයේ පක්ෂ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: