hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 මැයි 09, ප.ව. 6:17



අරගලකරුවන් විසින් එතෙක් ගමන් කල රටේ දේශපාලන මග වෙනස් කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වඩාත් යහපත් මාවතක් ජනතාවට සකස්කර රට ජය මාවත කරා ගෙනයාම සනිටුවන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දීම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ නව සන්ධානයට සම්බන්ධ වෘත්තීය සමිති සහ අනුබද්ධ සංවිධාන වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශය භාරදීමට ප්‍රථම ඔවුන් කොලඹ නගරයේ ස්ථාන 5කදී රැස්ව රණවිරුවන්ට සහෝදරත්වයේ මල් කලඹක් ලබා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා.