hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 6:29



නව සන්ධානයේ පෙර පාසල් ගුරු සංගමයේ දිස්ත්‍රික් සමුළු දෙකක් පසුගිය දිනවල අනුරාධපුර සහ මාතර පැවැත් වුණා.

ඒ එම සංගමයේ සහ නව සන්ධාන වෘත්තීය සමිති ලේකම් අසංක ශ්‍රීනාත්ගේ මැදිහත්වීමෙන්.

මාතර සමුළුව පැවැත්වෙන දිනට පෙර දින මාතර රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරයෙකු හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනට කතාකරල තියෙනවා.

“පෙරපාසල් ගුරුවරුන්ගේ වැඩක් තියනවලු නේද මාතර, ආරාධනාවක් තියනවද”එම මන්ත්‍රීවරයා පසඳ ගෙන් අහල.

“ඔව් ඔව් තියනවා අපිටත් එන්න කියල තියනවා”පසඳ කියල.

එම උත්සවයට කිසිදු ආරාධනාවක් නොමැති එම රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරයා ඉන් එහා වෙන කිසිවක් නොකියාම දුරකථනය විසන්දි කර තිබීමද විශේෂත්වයක්.

නව සන්ධාන අනුරාධපුර පෙර පාසල් ගුරු දිස්ත්‍රික් සමුළුවට අනුරාධපුර හිටපු නගරාධිපති එච්.සෝමදාස මහතා එක්වුණා.

පොහොට්ටුවේ ආණ්ඩුවේ ඉඩම් ඇමතිකම කරපු හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු හිටපු නගරාධිපතිවරයාගේ ගමන වැලක්වීමට විවිධ උත්සාහයන් දැරුවද ඒවා ව්‍යර්ථ වී තිබෙනවා.