2023 ජූලි 18, ප.ව. 12:40
කැලණිය නව ගුවන් පාලමේ රුපියල් කෝටි 28ක ඇණ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගලවා ඇතැයි රජය පවසනවා නම් ඒ සදහා වසර 21ක් ගතවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
මෙම පාලම විවෘත කළේ 2021 නොවැම්බර් 24 බවත් මේ වනවිට එය විවෘත කර දින 599ක් බවත් රජය පවසන වටිනා කම අනුව ඇණ 779,240ක් ගලවා තිබිය යුතු බව ද සදහන් කළා.
ඒ අනුව මෙතරම් ප්‍රමාණයක් ඇණ ගැලවූවේ කෙසේද කියා පැහැදිලි කරන ලෙස ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසුවා.
සෑම විවාඩියකටම නොනවත්වා ඇණ ගැලවූවද අද දක්වා ගැලවිය හැක්කේ ඇණ 1300ක් බවත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු වලින් පසු ලැබෙන වාර්තාව අනුව පිළිතුරක් දෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36