hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 25, ප.ව. 4:40



පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම විවාදයකට එන්නැයි ජවිපෙ අනුර කුමාර දිසානායකට හෝ විජිත හේරත්ට ආරාධනා කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන වෙලාවේ අනුර කුමාර දිසානායක මීගමුව වටලන්න කතා කරන බවද වැටලිය යුත්තේ මීගමුව නොව ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ඊබ්‍රහිම් නානාගේ ගෙදර බවද ජනතා ලංසා මහතා පවසා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීම හිරිකිත වැඩක් බවද අහිංසක මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.