hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 22, ප.ව. 10:34



වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නාවික නිමල් සිරිපාල සිල්වා මහතා ඉලක්ක කර දැඩි චෝදනාවක් එල්ල කළා.

විශේෂයෙන්ම වරාය ආශ්‍රිතව විශාල ප්‍රමාණය වංචා දූෂණ ප්‍රමාණයක් සිදු වන බවත් තවදුරටත් තමන් මේ පිළිබඳව කට වසාගෙන සිටීම සූදානම් නැති බවත් හෙතෙම කියා සිටියි.

තමන් මේ පිළිබඳව දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යවා ඇති බවත් ඉදිරියේ දී තමන් අමාත්‍ය ධුරයෙන් අස්වීමට වුවත් සූදානම් බවද හෙතෙම එහිදී පැවසුවා.

ව්‍යාපෘති සඳහා ආයෝජකයන් සොයාගෙන පැමිණිය ද ඒවා ඉහළ තැනකින් නිලධාරීන් සඳහා බලපෑම් කරමින් නවත්වා ගෙන සිටින බවට ද ඔහු චෝදනා කළා.