2023 අගෝස්‍තු 08, ප.ව. 2:23
බොරැල්ල “සහස්පුර”හා අනුරාධපුර “තුරුඉතුරුගම” නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ ප්‍රතිලාභීන් සඳහා හිමිකම් ඔප්පු 24ක් ප්‍රධානය කිරීම නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධීකාරිය ශ්‍රවණාගාරයේදී සිදු වුණා.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති නිවාස ව්‍යාපෘතිවල පදිංචි කරුවන් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද රජයේ මහල් නිවාසවල ජීවත්වන ජනතාවට කඩිනමින් නිවාස අයිතිය ලබා දෙන බව සදහන් කර තිබුණා.
බොරැල්ල “සහස්පුර” නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් 23 දෙනෙකු හා අනුරාධපුර “තුරුඉතුරුගම” නිවාස ව්‍යාපෘතියේ එක් ප්‍රතිලාභියකු සදහා සංකේතාත්මකව මෙහි දී හිමිකම් ඔප්පු ලබා දුන් අතර අනෙක් නිවාසලාභීන් සදහා කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගෙන ඇතැයි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කරයි.
අඩු පහසුකම් යටතේ කොළඹ මහ නගර සභා කලාපය තුළ ජීවත් වූ 52 වත්ත, 60 වත්ත, 62 වත්ත, 14 වත්ත, 83 වත්ත, 254 වත්ත, ලොග්ගේට් ලේන් වත්ත, 105 වත්ත, 66 වත්ත, 54 වත්ත, 30 වත්ත, 22 වත්ත, 48 වත්ත, සෙන් සෙබෙස්තියන් වීදිය, බෝසෙවණ වත්ත වැනි ජනාවාසවල ජීවත් වූ පවුල් මෙහි නැවත පදිංචි කරවා තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා තම නිවාසයන්ට අදාළ ගෙවීම් අවසන් කරන ලද නේවාසික ඒකක 67 ක් සඳහා ප්‍රතිලාභීන්ට ඔප්පු ලබාදීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36