hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 19, පෙ.ව. 10:54



ගාලුමුව‍දොර අරගලය හේතුවෙන් ගම්වලට යාගත නොහැකිව සිටි ඇතැම් දේශපාලන පක්ෂවලට අද වන විට ගම්වලට ගොස් දේශපාලන රැස්වීම් පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ සිදුකළ පරිවර්තනය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

එක්කෙනෙක් දෙන්නෙක් කියූ කතාවක් අල්ලාගෙන ආණ්ඩුව තුළ අර්බුද ඇතැයි පෙන්වීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කළද  විපක්ෂය පෙන්වන ආකාරයේ අර්බුදයක් ආණ්ඩුව තුළ නොමැති බවද මහ ලේකම්වරයා සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ කැකිරාව ආසන මධ්‍ය බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ  පාලිත රංගේ බණ්ඩාර මහතා,

“දැන් ඊයේ – පෙරේදා ඉඳලා හරි ඝෝෂාව, ආණ්ඩුව ඇතුළේ අර්බුද කියලා. සමහර මාධ්‍ය  ආයතනත් මේක පෙන්න පෙන්නා උලුප්ප – උලුප්ප දඟලනවා. කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කියපු කතාවක් අල්ලාගෙන, ඒක ඉස්සරහට දාගෙන දැන් පෙන්වන්න හදනවා ආණ්ඩුව ඇතුළේ අර්බුද කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයේ නායකයා හරි, හැබැයි එතුමා රටේ ජනාධිපතිවරයා. එතුමා රටේ ජනාධිපතිවරයා හැටියට සියලුම දේශපාලන පක්ෂවල සහාය අරගෙන රට පාලනය කරගෙන යනවා. ඔබට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ ආර්ථිකයක් හදන්න එතුමා වැඩකටයුතු කරගෙන යනවා.

හැබැයි අපි දේශපාලන පක්ෂයක්. මම පක්ෂයක මහ ලේකම්වරයෙක්. අනෙක් දේශපාලන පක්ෂවලටත් ඔය නිලධාරීන් ඉන්නවා. ඒ දේශපාලන පක්ෂවලටත් තමන්ගේ පක්ෂ පවත්වාගෙන යන්න ඕන. අපිටත්, අපේ එක්සත් ජාතික පක්ෂය පවත්වාගෙන යන්න ඕන. අපි යනවා දේශපාලන ගමනක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩනඟන ගමන යනවා. සමහර දේශපාලන පක්ෂවලට අරගලයත් එක්ක ගමට යන්න බැරිව ගියා. ගෙදර ඉන්න බැරිව ගියා. එළියට බහින්න බැරිව ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාර අරගෙන නීතිය, සාමය ස්ථාපිත රටක් බවට පරිවර්තනය කරපුවහම දැන් ඒ දේශපාලන පක්ෂවල නියෝජිත මහතුන්ටත් ගමට යන්න පුළුවන්. රැස්වීම් තියන්න පුළුවන්. ඊළඟ මැතිවරණයක් 2024 හෝ 2025 එන්න පුළුවන්. ඒක මට කියන්න බෑ. මැතිවරණ කොමසාරිස් කියන දවසක. ඒ මැතිවරණයේදී ඒ දේශපාලන පක්ෂත් තරග බිමට එයි.

මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ බොරු ප්‍රචාර යවන්න එපා දෙයියනේ. රනිල් මහත්තයා එක්ක ආණ්ඩුව ගෙනියන වැඩේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය කරනවා. ඒ ආණ්ඩුවට සම්බන්ධ උදවිය. ඒක කරන්න දෙන්න. මේ එක එක අවලාද කතන්දර කියනකොට සිද්ධ වෙන්නේ ලෝකයේ මිනිස්සුත්, රටේ මිනිස්සුත්, නැවත රිවස් ගියර් එකට දාලා, ආපහු පස්සට යනවා. අපි ජයග්‍රාහී මාවතට අවතීර්ණ වුණා විතරයි. මේ මාර්ග‌යේ අපි ගමන් කරන්න ඕනෑ. වැටුණට පස්සේ, පැරදුණාට පස්සේ තමන් ඉවත් වෙන එක නෙමෙයි කාර්යභාරය, තමන්ගේ වගකීම, වැටුණට පස්සේ පැරදුණාට පස්සේ තමන් පැනලා ගිහින් වෙන තැනකට හේත්තු වෙලා තමන්ගේ තනතුර හා බලය රැක ගැනීම නෙමෙයි කළ යුත්තේ. වැටුණා නම් පැරදුණා නම් අපි වැටිච්ච, පැරදිච්ච සැලැස්ම වෙනස් කරලා, අලුත් සැලසුමකින් අලුත් විදිහට හිතලා අපි ඉදිරියට යන්න ඕන. එතැන තමයි ජයග්‍රහණය තියෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය යන්නේ ඒ ජයග්‍රාහී ගමනේ. අපේ නායකයා හැම තිස්සේම කියන්නේ අලුතින් හිතන්න. තරුණයෝ, වෘත්තීයවේදියෝ එක්ක අලුත් ගමනක් යන්න කියලා. මේ ගමන බොහෝම අසීරු ගමනක්. ඒ අසීරු ගමන කෙමෙන් කෙමෙන්, හිමින් හිමින් ඉදිරියට යන්න ඕන. ඒක කරන්න එ.ජා.ප.යට හයිය, ශක්තිය තියෙනවා. ඒක කරන්න ඔළුවක් තියෙන හොඳ නායකයෙක් එ.ජා.ප.යට ඉන්නවා. යහපාලන ආණ්ඩුව තියෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා රජරටට තරම් ඇමැතිකම් දුන්න තැනක් නෑ. කැබිනට් ඇමැතිකම් හිටපු හැමෝටම දුන්නා. අපි රාජ්‍ය ඇමැතිකම්වල බෙල්ල දෙන්න තිබුණ තරම් බෙල්ල දුන්නා ඒත් රාජ්‍ය ඇමැති. ඒත් රජරටට කැබිනට් ඇමැතිකම් දෙකක් දුන්නා. මුළු වියළි කලාපයේම බලය අණසක පතුරවාගෙන වැඩ කරන්න ශක්තිය දීලා තිබුණේ මේ අනුරාධපුරයට. අමාත්‍යාංශ 07ක් දීලා තිබුණා අනුරාධපුරයට. අපේ නායකයෝ හැමදාම රජරටට සලකලා තියෙනවා.”

Example Image