2023 ජූලි 09, ප.ව. 2:00
නව පොලිස්පතිවරයෙකු පත් නොකර ඉන්නා පොලිස්පතිටම මාස තුනෙන් තුනට සේවා දිගු ලබා දී තබා ගැනීමට සිදුවන තරමට පොලීසියේ විනය පිරිහීම දැඩි කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා.
මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා පොලිස්පතිවරු පෝලීමක් සිටියදී ඉන්නා පොලිස්පතිට විශ්‍රාම යාමට නොදී සේවයේ තබා ගැනීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින කණ්ඩායම පත්ව සිටින තත්ත්වය යැයිද ඒ මහතා සඳහන් කළා.
පොලිස්පතිට පසු ජේෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා සිටින නිලධාරීන් සියලුදෙනාට නොයෙකුත් චෝදනා එල්ල වී තිබෙන බවත් එලෙසින්ම අංක අටේ සිට පහළ නිලධාරීන්ටද එවැනි කනගාටු තත්ත්වයක් දක්නට ලැබෙන බවත් කී ඒ මහතා ඒ අතර සිටින කිහිප දෙනාට පමණක් චෝදනා එල්ල වී නැතැයිද හෙතෙම අවධාරණය කළා.
මහනුවර ඊ.එල් සේනානයක පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (09) පැවැති එජප මහනුවර හා සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීමේදී රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවා.
රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම මෙවැනි තැනකට පත්වූවා නම් සෙසු ඒවා හි තත්ත්වය ගැන කතා කිරීමෙන් පලක් නැතැයි ද පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙක් වශයෙන් තමන් ද මේ පිළිබඳව දැඩි පශ්චාත්තාපයට පත් ව සිටින බවද ඒ මහතා සඳහන් කළා.
පොලීසිය සක්‍රියාව ක්‍රියාත්මක වනතාක් කල් රටේ නීතිය හා විනය ආරක්ෂා වන බවත් එසේ නොවුණු විට විනය, නීතිය පමණක් නොව පරිපාලනයද බිඳ වැටෙන්නේ යැයි මහ ලේකම්වරයා පැවසුවා.
එහි දී එජාප මහලේකම්වරයා මෙසේද පැවසුවා.
“පොලීසිය සක්‍රියව ක්‍රියාත්මක වනතාක් කල් රටේ නීතිය හා විනය ක්‍රියාත්මකයි. පොලීසිය සක්‍රියව ක්‍රියාත්මක නොවනුනොත් රටේ විනය, නීතිය හා පරිපාලනය බිඳ වැටෙනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය, අධ්‍යාපන, ප්‍රවාහනය, සෞඛ්‍ය හදනවා. ජාත්‍යන්තර සම්බන්ධතා රැක ගනිමින් ණය උගුලෙන් රට බේරා ගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර දැනුම රටට ගේනවා. රැකියා උත්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා. විදේශ රටවල රැකියා වලට ශ්‍රී ලාංකිකයින් යවනවා. මේ සියල්ල මැද්දේ ඉතාම බැරෑරුම් කාර්යය තමයි රටේ නීතිය හා විනය ක්‍රියාත්මක කිරීම. පසුගිය කාලය තුළ ඒක බරපතල ලෙස බිඳ වැටුණා. උද්ධමනයට මුහුණ දෙන්න ඕන අපි.
මේක කළමනාකරණය කරමින් 12% ක් දක්වා අඩුකර ගෙන තිබෙනවා. කලින් හිටපු නායකයින්ට මේක කරන්න බැරි වුණා. ගොවියට පොහොර දෙන්න, පාසල් පවත්වන්න, විභාග තියන්න බැරි වුණා. පසුගිය වසරේ මැයි සිට මේ වසරේ මැයි වනවිට රටේ කොපමණ වෙනසක් වෙලා ද? මිනිස්සුන්ට හිතකර සුබවාදී වෙනසක් අද වෙලා. ඒ වෙනස සඳහා වගකීම බාරගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වගකීම බාර නොගත් අය දැන් විවේචනය කරනවා. මගහැරලා ගිය අය දැන් දෝෂරෝපනය කරනවා. වගකීම බාරගත් කෙනා වගකීම් ඉටුකරලා නැද්ද. පසුගිය වසරේ අප්‍රේල් මැයි සිට මේ දකවා බලන විට සුබවාදී වෙනසක් රටේ ඇති කළා. අපිම තමයි අපේ නායකත්වය දුර්වල කරගත්තේ. ජනතාව තීන්දුව අරන් තියෙනවා. මේ නායකයා සමඟ ඉදිරියට යන්න.
ලබන අගෝසතු පක්ෂ සංවත්සරය තිබෙනවා. සංවත්සරය පක්ෂ ව්‍යවස්ථාව එහි දී යම් ප්‍රමාණයට වෙනස් කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සංඛ්‍යාව සීමා කරනවා. ජාතික යොවුන් පෙරමුණ ලක්වනිතා පෙරමුණ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තරුණ හා වෘත්තිය අය බහුතරයකට ලබා දෙන්න අපේක්ෂා කරනවා. සෑම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකුටම වගකීමක් පැවරෙනවා. ඒ වගකීම මාස තුනකට වතාවක් නායකතුමා අධීක්ෂණය කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය කතා සාප්පුවක් නොව ක්‍රියාකාරී කණ්ඩායමක් බවට පත් කිරීම අගෝස්තු සිට ආරම්භ කරනවා. රට ගැන සිතා අලුත් ක්‍රියාමාර්ග ගන්නවා. ජනපති කිව්වා එන්න සජිත් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා. එතුමා එක්ක වැඩ කරන කාලේ සජිත්ට ඉගෙන ගන්න තිබුණා. සජිත් ඉගෙන ගත්තේ හදන්න නොව් කඩන්නයි පක්ෂය කඩ කඩ ගියා. නියමිත වෙලාවට කඩන්න නොව වැරදි වෙලාවට කඩන්න තමයි එයා ක්‍රියා කළේ, පක්ෂයක් පැරදුණු වෙලාවේ කඩනවා කියන්නේ පක්ෂයට අබ සරණයි.
පක්ෂය දුර්වල වෙලවේ දෙකට කැඩුවා. දැන් නැවත රනිල් කියන්නේ එන්න එකතු වෙලා වැඩ කරන්න කියලයි. . ජනපති අගමැති කියන්නේ රටේ වගකිව යුතු තනතරු. වගකීම නොදන්න අයට ජනපති අගමැති තනතුරු දීලා හරියන්නේ නැහැ. වගකීමක් ගන්න බැරි මිනිස්සුන්ට ජනපති අගමැති වගේ රටේ බාරදූර වගකීම් දෙන්න හොඳ නැහැ. හැබැයි සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු දෙන්න ඕන. වගකීමක් ගන්න බැරි සෙල්ලම් වයසේ ඉන්න සජිත් ප්රේමදාස මහත්තයාට ජනපති අගමැති කම් නොව රබර් වලින් ප්ලාස්ටික් වලින් හදපු කැඩෙන්නේ බිදෙන්නේ නැති සෙල්ලම් බඩු දෙන්න ඕන. හිරුණිකා දැන් සජිත්ගේ උපදේශිකාවක්. රනිල් එක්ක සම්බන්ධ සියලු දෙනා ඉවත් කරන්න කියලා එයා කියා. සජිත් ඒක පිළිගත්තා. සජිත්ට වෙන්නේ මෝඩයා ළූණු ගෙඩිය සුද්ද කළා වගේ වැඩක්. අන්තිමට ඉතිරි වෙන්නේ ඒ දෙන්න විතරයි. ගෙවලා තියා ගන්න ඕන මේ වගේ උපදේශිකාවන්. එහෙම ගියාම මෝඩයා ලූනු ගෙඩිය සුද්ද කළා වගේ හිරුණිකායි සජිතුයි විතරක් සජබේ ඉතුරු වෙයි.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36