2023 දෙසැම්‍බර් 02, ප.ව. 2:19
වරප්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.
මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයක්.
ඒ අනුව, යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වුණා.
මේ හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගනු ලැබුවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18