2023 මැයි 23, ප.ව. 1:59
පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා රත්රං තොගයක් සමග ශ්රී ලංකා රේගු භාරයට ගෙන තිබුණා.
ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ සඳහන් කළා.
“එයාර්පෝර්ට් එකේ අපේ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් නමක් සඳහන් කරලා තියෙනවා අලි සබ්රි රහීම් මන්ත්රීවරයා සමඟ කිලෝ තුන හමාරක රත්තරන් අල්ලලා කියලා. දැන් මේ කටයුතු වලදී තමයි අපේ පාර්ලිමේන්තුවේ 225ටම ඇඟිල්ල දික් කරන්නේ. කරුණාකරලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ කටයුත්තට දේශපාලන ඇඟිලි ගැසීම් නැතුව නීතිය ක්රියාත්මක කරන්න. මොකද නැත්තං මේ මඩේ අපි හැමෝම කනවා. කරුණාකරලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා.”
එම විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊට එකඟ වෙන බව ප්රකාශ කළා.
“පාර්ලිමේන්තුවේ 225ටම ඇඟිල්ල දික් කරන්නේ. කරුණාකරලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ කටයුත්තට දේශපාලන ඇඟිලි ගැසීම් නැතුව නීතිය ක්රියාත්මක කරන්න. මොකද නැත්තං මේ මඩේ අපි හැමෝම කනවා. කරුණාකරලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39