hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 28, ප.ව. 2:06



ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (27) නිකුත්කොට තිබුණා.